2022 අගෝස්තු 14 වන ඉරිදා

ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු වැහෙන තීන්දුවක්!

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:03 433


ආනයන පාලක විසින් මෙරටට ආනයනය කිරීම සීමා කර ඇති භාණ්ඩ විදේශගතව ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට තමන්ගේ ගමන් බඩු සමඟ ගෙන ඒම තහනම් කිරීම නිසා ගුවන් තොටුපොළ තීරු බදු රහිත භාණ්ඩ වෙළෙඳාම සහමුලින්ම අඩාල වනු ඇතැයි ඉහළ පෙළේ ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.  ආනයන පාලක විසින් තහනමක් පනවා ඇත්තේ තොග වශයෙන් භාණ්ඩ ආනයනයටය. 

එහෙත් යම් පුද්ගලයකු තමන්ගේ මුදලින් නිවෙසට අවශ්‍ය භාණ්ඩයක් තම තීරු බදු රහිත දීමනාව යටත් එම සාප්පුවෙන් මිලට ගැනීම ආනයන තහනමට අදාළ නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් දේශයට කරැණු දැක්වූ නම් සඳහන් නොකළ හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් සඳහන් කළේ මෙය සහමුලින්ම වැරදි තීරණයක් බවය. ආනයන පාලක මෙරටට තොග වශයෙන් ආනයනය කිරීමට අවසර දී ඇත්තේ ස්වල්ප භාණ්ඩ ගණනකි. එසේ තිබියදී ගුවන් මගීන්ට මෙලෙස තහනමක් පැනවීමෙන් තීරැ බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳාම සහමුලින්ම අඩාල වනු ඇතැයි ද ඔහු පැවසීය.

ව්‍යාපාරික වාර්තාකරු l

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00